උද්‍යාන බංගලා පෙර වෙන්කරවා ගැනීමේ සේවාව
මුල් පි‍ටුව
වන ජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවේ උද්‍යාන බංගලා පෙර වෙන්කරවා ගැනීමේ සේවාවට ඔබ සාදරයෙන් පිලිගමු.
මාර්ගගතව වෙන්කරවා ගන්න
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින වනශ්‍රිත උද්‍යාන බංගලා මහජන ප්‍රයෝජනය සඳහා විවෘත්තව පවතියි. මෙම සේවාව මඟින් එම සංචාරක බංගලා පෙර වෙන්කරවා ගතහැක.

පවතින සහ ඉදිරි මාසය සඳහා වෙන්කරවා ගැනීම් සිදුකල හැක.

බංගලාව පරිහරනයේදී උපරිම පුද්ගලයින් ගණන සඳහා සීමාවක් පනවා ඇති අතර එය ඉක්මවා යා නොහැක. එක් වෙන්කරවා ගැනීමක් සඳහා උපරිම අනුගාමී දින 3ක් පමණක් අනුමත අතර විදේශික නවාතැන් කරුවන් සඳහා අමතර ගාස්තුවක් අයකෙරේ.

සියලු ගෙවීම් විද්‍යුත කාඩ් පත් මඟින් සිදුකල හැක.
වෙන්කරවා ගැනීමේ තත්වය පරීක්ෂා කරන්න
මෙම විද්‍යුත් සේවාව හරහා ඔබ සිදුකල පෙර වෙන්කරගැනීම් වලට අදාල ලියවිලි නැවත ලබාගැනීමට සහ වෙනත් තොරතුරු ලබගත හැක. මේ සඳහා පෙර වෙන්කරගැනීම් විමර්ශන අංකය සහ ජාතික හැඳුනුම් පත් අංකය ඇතුලත් කරන්න.

මෙම සේවාව ජංගම දුරකතනය හරහා ලබා ගැනීමට පහත කෙටි පණිවිඩය 1919 වෙත යොමුකල හැකිය. DWC RES { ජාතික හැඳුනුම් පත් අංකය} {පෙර වෙන්කරගැනීම් විමර්ශන අංකය}
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබේ.
වන ජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන උද්‍යාන බංගලා පෙර වෙන්කරවා ගැනීමේ සේවාවට සාදරයෙන් පිළිගනිමු.
මෙම සේවාව මගින් වන ජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන උද්යාන බංගලා පෙර වෙන්කරවා ගැනීමේ හා ඔබ සිදු කළ වෙන්කරවා ගැනීමේ තත්ත්වය පරීක්ෂා කරගැනීමේ හැකියාව ඇත.
උද්යාන බංගලා පෙර වෙන්කරවා ගැනීමේ ක්රියා පිළිවෙල
උද්යාන බංගලාවක් වෙන් කරවා ගැනීම සඳහා පහත පියවර සියල්ල සම්පූර්ණ කළ යුතුයි.
  1. වෙන්කරවා ගත හැකි දැයි බැලීම
    • උද්යාන බංගලා වෙන්කරවා ගත හැකි දැයි බැලීමේ පහසුකම මින් සැලසේ.
    • මෙයට සමාන්තර වෙන්කරවා ගැනීම් කහ පැහැයෙන් පෙන්නුම් කෙරෙන අතර මෙම දිනයන් ලබාගත හැකි දැයි පිරික්සීමට කරුණාකර විනාඩි 10 කින් නැවත උත්සාහ කරන්න බලන්න.
    • කරුණාකර බංගලාව සහ දිනය තෝරාගත් පසු වෙන්කරවා ගැනීම විනාඩි 5 ක් ඇතුලත සම්පූර්ණ කරන්න.
    • එක් වෙන්කරවා ගැනීමක් සඳහා උපරිම අනුගාමී දින 3ක් පමණක් වලංගු වේ.
  2. වෙන්කරවා ගන්න
    • ඔබ මීට පෙර මෙම සේවාව හරහා පෙර වෙන්කරගැනීමක් කර ඇත්නම් ඔබගේ ජාතික හැඳුනුම් පත් / විදේශ ගමන් බලපත්ර / රියදුරු බලපත්ර අංකය ඇතුලත් කර "විමසුම" බොත්තම ක්ලික් කිරීමෙන් ඇතුලත් කල තොරතුරු ලබාගත හැක.
    • මෙම තොරතුරු ඔබට අවශ්යය ලෙස පසුව සංස්කරණය කිරීමේ හැකියාව පවතී.
    • එකම ජාතික හැඳුනුම් පත් අංකයෙන් සමාන දිනයන් සඳහා වෙන්කරවා ගැනීම් සිදුකළ නොහැක.
    • ජංගම දුරකථන අංකය සහ විද්යුත් තැපෑල ලිපිනය වෙන්කරවා ගැනීමට අදාළ ඉදිරි දැනුම් දීම් සඳහා යොදාගැනේ.
    • අවුරුදු 2 - 6 දක්වා ළමුන් ගණන්යේදී අවුරුදු 6න් පහල ළමුන් දෙදෙනෙකු අය කිරීමකින් තොරව කැටුව යා හැකි අතර නොමිලේ කැටුව යා හැකි දෙකට අමතර ගණන පමණක් ඇතුලත් කරන්න.
  3. ගෙවීම කරන්න
    • තෝරාගත් පහසුකම සඳහා වූ අවමය සළකා ගාස්තු ගණනය කිරීම සිදුකරන අතර අමතර රැඳී සිටීම් සඳහා එක් පුද්ගලයෙකුට අයකරන අවම ගාස්තු යටතේ ගාස්තු එක් කරනු ලැබේ.
    • වෙන් කරවා ගැනීම ස්ථීර කිරීම සඳහා විනාඩි 10 ක් ඇතුලත ගෙවීම සම්පූර්ණ කළ යුතුයි, නැතහොත් වෙන් කරවා ගැනීම අවලංගු වනු ඇත.
    • සියලු ගෙවීම් විද්යුත කාඩ්පත්(වීසා/ මාස්ටර්) මඟින් හෝ ezCash මගින් සිදුකල හැක.
    • මාර්ගගත ගෙවීම් සඳහා පහසුකම් සලසා දීමේ ගාස්තුවක් අයකර ගැනේ.
  4. වෙන්කරවා ගැනීම සම්පූර්ණ කරන්න
    • ඔබගේ වෙන්කරවා ගැනීම සහ ගෙවීම සාර්ථක නම් පද්ධතිය විසින් අදාළ වෙන්කරවා ගැනීමේ තොරතුරු තිරය මත පෙන්නුම් කෙරේ.
    • කරුණාකර ඔබගේ වෙන්කරගැනීමේ අවසර පත්රය/ කෙටි පණිවුඩය/ විද්යුත් තැපෑලෙහි සඳහන් වෙන්කරවා ගැනීමේ යොමු අංකය සටහන් කරගන්න.
    • ඔබගේ වෙන්කරවා ගැනීම ස්ථීර කරන කෙටි පණිවුඩයක් හා විද්යුත් තැපෑල පණිවුඩයක් ඔබට ලැබෙනු ඇත.
    • ඔබගේ අවසර පත්රය හා කුවිතාන්සිය මුද්රණය කරගත් බව තහවුරු කරගන්න. උද්යානයට ඇතුළු වීම සඳහා අවසර පත්රයේ මුද්රණ පිටපත අනිවාර්ය බව සලකන්න
    • කරුණාකර අගය එකතු කළ බද්ද ප්රතිපූරණය කර ගැනීම සඳහා, "මුල් පිටපත" ලෙස දක්වා ඇති කුවිතාන්සියේ පළමු මුද්රිතය භාවිතා කර උද්යානයට ප්රවේශ වන අවස්ථාවේ දී උද්යාන භාර නිළධාරියා ලවා සහතික කරවා ගන්න.
වෙන්කරවා ගැනීමේ තත්වය පරීක්ෂා කරගැනීම
මෙම විද්යුත් සේවාව හරහා ඔබ සිදුකල පෙර වෙන්කරගැනීම් තත්ත්වය විමසීමේ හා අදාල ලියවිලි නැවත මුද්රණය කරගැනීමේ හැකියාව ඇත. වෙන්කරවා ගැනීමේ යොමු අංකය සහ ජාතික හැඳුනුම් පත් / විදේශ ගමන් බලපත්ර / රියදුරු බලපත්ර අංකය ඇතුලත් කර අදාළ තොරතුරු ලබගත හැක.
අතිරේක තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර ඉ-සේවාව මගින් දී ඇති උපදේශයන් කියවන්න. නැතහොත් 1919 අමතන්න.