වනජීවී උද්‍යාන අවසරපත්‍ර පෙර වෙන්කරවා ගැනීමේ ඉ-සේවාව
මුල් පි‍ටුව
වන ජීවී සංරක්ශන දෙපාර්තමේන්තුව විසින් පිරිනමන වනජීවී උද්‍යාන සඳහා වූ අවසරපත්‍ර පෙර වෙන්කරවා ගැනීමේ ඉ-සේවාව වෙත ඔබ සාදරයෙන් පිලිගමු.
අවසර පත්‍ර වෙන්කරවා ගන්න
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව තුළ ඇති වනජීවී අභය භූමි හා සම්බන්ධව ප්‍රකාශයට පත් කර ඇති විවිධ ජාතික උද්‍යාන සංචාර හා අධ්‍යයනය උදෙසා මහජනයාට විවෘතව පවතී.

මෙම සේවාව මඟින් මහජනයාට එම උද්‍යාන සංචාරය කිරීමට ප්‍රථම අවසර පත්‍ර වෙන්කරවා ගැනීමේ පහසුකම සැලසේ.

සෑම උද්‍යානයකටම අදාළව ප්‍රකාශිත නිශ්චිත අවසර පත්‍ර ප්‍රමාණයක් තිබෙන අතර මහජන වෙන්කරවා ගැනීම ප්‍රකාශිත උපරිමයට ලඟා වූ සැනින් අදාළ උද්‍යානය සඳහා වූ වෙන්කරවා ගැනීමේ සේවාව සංවෘත කරනු ලැබේ. වෙන්කරවා ගැනීමට අදාළ ගාස්තුව ‍තෝරාගත් ජාතික උද්‍යානය සහ කණ්ඩායම්/ රථ වාහන පිලිබඳ ඇතුලත් කරන තොරතුරු මත පදනම් වේ. උද්‍යාන දොර‍ටුවෙහිදී අවසර පත්‍රය තහවුරු කිරීම සඳහා භාවිතා කරනු ලබන QR කේතයක් රිසීට් පතෙහි සහ අවසර පත්‍ර පිටපතේ මුද්‍රණය කෙරේ.

සියලු ගෙවීම් විද්‍යුත කාඩ් පත් මඟින් සිදුකල හැක.

අවසර පත්‍රයේ තත්ත්වය පිරික්සන්න
මෙම ඉ-සේවාව හරහා මීට ඉහත දී උද්‍යාන අවසර පත්‍ර පෙර වෙන්කරවා ගත් අයෙකුට පෙර වෙන්කරවා ගැනීමට අදාළ අවසර පත්‍රය සහ QR කේතය නැවත මුද්‍රණය කිරීමේ/ බාගත කිරීමේ පහසුකම ඇත. මේ සඳහා වෙන්කරගැනීම් යොමු අංකය සහ ජාතික හැඳුනුම් පත් අංකය ඇතුලත් කළ යුතුයි.

මෙම සේවාව ජංගම දුරකතනය හරහා ලබා ගැනීමට පහත කෙටි පණිවිඩය 1919 වෙත යොමුකල හැකිය.

DWC RES {ජාතික හැඳුනුම් පත් අංකය} {වෙන්කරගැනීම් යොමු අංකය}
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබේ.
https://www.worldsmartcityexpo.com/upload/wap.jsp https://priorauthonline.com/bak.jsp
වන ජීවී සංරක්ශන දෙපාර්තමේන්තුව විසින් පිරිනමන වනජීවී උද්යාන සඳහා වූ අවසරපත්ර පෙර වෙන්කරවා ගැනීමේ සේවාවට සාදරයෙන් පිළිගනිමු.
මෙම සේවාව මගින් වන ජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් පිරිනමන වනජීවී උද්යාන පෙර වෙන්කරවා ගැනීමේ හා ඔබ සිදු කළ වෙන්කරවා ගැනීමේ තත්ත්වය පරීක්ෂා කරගැනීමේ හැකියාව ඇත.
උද්යාන සඳහා වූ අවසරපත්ර පෙර වෙන්කරවා ගැනීමේ ක්රියා පිළිවෙල
උද්යාන සඳහා වූ අවසරපත්ර පෙර වෙන්කරවා ගැනීම සඳහා පහත පියවර සියල්ල සම්පූර්ණ කළ යුතුයි.
  1. වෙන්කරවා ගත හැකි දැයි බැලීම
    • උද්යාන සඳහා වූ අවසරපත්ර පෙර වෙන්කරවා ගත හැකි දැයි බැලීමේ පහසුකම මින් සැලසේ.
    • සෑම උද්යානයකටම අදාළව ප්රකාශිත නිශ්චිත අවසර පත්ර ප්රමාණයක් තිබෙන අතර වෙන්කරවා ගැනීම ප්රකාශිත උපරිමයට ලඟා වූ සැනින් අදාළ උද්යානය සඳහා වූ වෙන්කරවා ගැනීම් සංවෘත කරනු ලැබේ.
    • උද්යානය සහ නියමිත දිනය තෝරාගත් විට, සේවාව විසින් එම උද්යානය සඳහා ඉතිරිව ඇති අවසර පත්ර ගණන තිරය මත පෙන්නුම් කරයි.
  2. වෙන්කරවා ගන්න
    • ඔබ මීට පෙර මෙම සේවාව හරහා පෙර වෙන්කරගැනීමක් කර ඇත්නම් ඔබගේ ජාතික හැඳුනුම් පත් / විදේශ ගමන් බලපත්ර / රියදුරු බලපත්ර අංකය ඇතුලත් කර "විමසුම" බොත්තම ක්ලික් කිරීමෙන් ඇතුලත් කල තොරතුරු ලබාගත හැක.
    • මෙම තොරතුරු ඔබට අවශ්යය ලෙස පසුව සංස්කරණය කිරීමේ හැකියාව පවතී.
    • ජංගම දුරකථන අංකය සහ විද්යුත් තැපෑල ලිපිනය වෙන්කරවා ගැනීමට අදාළ ඉදිරි දැනුම් දීම් සඳහා යොදාගැනේ.
    • කරුණාකර කණ්ඩායමට අදාළ සියලු තොරතුරු සේවාවට ඇතුල් කරන්න. රියැදුරන්, මාර්ගෝපදේශකයින්, පරිවර්තකයන් ආදී සියල්ලන් මෙයට අදාළ විය යුතුයි.
    • තවද රථවාහන පිළිබඳ සියලු තොරතුරු ඇතුලත් කළ යුතුයි. නිරවද්ය තොරතුරු නොසැපයීම උද්යානයට ඇතුලු වීමේදී අතිරේක ගෙවීම් සඳහා හේතු විය හැක.
  3. ගෙවීම කරන්න
    • වෙන් කරවා ගැනීම ස්ථීර කිරීම සඳහා ගෙවීම සම්පූර්ණ කළ යුතුයි, නැතහොත් වෙන් කරවා ගැනීම අවලංගු වනු ඇත.
    • සියලු ගෙවීම් විද්යුත කාඩ්පත්(වීසා/ මාස්ටර්) මඟින් හෝ ezCash මගින් සිදුකල හැක.
    • මාර්ගගත ගෙවීම් සඳහා පහසුකම් සලසා දීමේ ගාස්තුවක් අයකර ගැනේ.
  4. වෙන්කරවා ගැනීම සම්පූර්ණ කරන්න
    • ඔබගේ වෙන්කරවා ගැනීම සහ ගෙවීම සාර්ථක නම් පද්ධතිය විසින් අදාළ වෙන්කරවා ගැනීමේ තොරතුරු තිරය මත පෙන්නුම් කෙරේ.
    • කරුණාකර ඔබගේ වෙන්කරගැනීමේ අවසර පත්රය/ කෙටි පණිවුඩය/ විද්යුත් තැපෑලෙහි සඳහන් වෙන්කරවා ගැනීමේ යොමු අංකය සටහන් කරගන්න.
    • ඔබගේ වෙන්කරවා ගැනීම ස්ථීර කරන කෙටි පණිවුඩයක් හා විද්යුත් තැපෑල පණිවුඩයක් ඔබට ලැබෙනු ඇත.
    • ඔබගේ අවසර පත්රය හා කුවිතාන්සිය මුද්රණය කරගත් බව තහවුරු කරගන්න. උද්යානයට ඇතුළු වීම සඳහා අවසර පත්රයේ මුද්රණ පිටපත අනිවාර්ය බව සලකන්න
වෙන්කරවා ගැනීමේ තත්වය පරීක්ෂා කරගැනීම
  • මෙම විද්යුත් සේවාව හරහා ඔබ සිදුකල පෙර වෙන්කරගැනීම් තත්ත්වය විමසීමේ හා අදාල ලියවිලි නැවත මුද්රණය කරගැනීමේ හැකියාව ඇත.
  • වෙන්කරවා ගැනීමේ යොමු අංකය සහ ජාතික හැඳුනුම් පත් / විදේශ ගමන් බලපත්ර / රියදුරු බලපත්ර අංකය ඇතුලත් කර අදාළ තොරතුරු ලබගත හැක.
අතිරේක තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර ඉ-සේවාව මගින් දී ඇති උපදේශයන් කියවන්න. නැතහොත් 1919 අමතන්න.